small gov

අංක ශෝධනය සඳහා කර්මාන්තයේ ඉල්ලීම

අංක ශෝධනය සඳහා කර්මාන්තයේ විශාල ඉල්ලුමක් පවතී. විශේෂයෙන්ම රූපලාවණ්‍ය ආලේපන, රෙදිපිළි, ආහාර නිෂ්පාදන, සහ ඇසුරුම්කරණ කර්මාන්තවලින් ඇති ඉල්ලුම ඉතා ඉහළ මට්ටමක පවතී. දිග, උෂ්ණ්තවය, පීඩනය, ස්කන්ධය, බැර ස්කන්ධය, පරිමාව, විදුලි පරාමිතීන්, විද්‍යුත් බලය හා ශක්තිය සඳහා අංක ශෝධන පහසුකම් සපයනු ලැබේ.

මිනුම් සේවා සඳහා මිනුම් ඒකක, ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුවේ විද්‍යාගාර නිරවද්‍ය හා විශ්වසනීය ප්‍රතිඵල ලබා දෙයි.

අංක ශෝධක සේවා

  • ස්කන්ධය
  • දිග
  • කාලය සහ සංඛ්‍යාතය
  • උෂ්ණත්වය
  • පීඩනය
  • පරිමාව
  • විදුලිය
  • විද්‍යුතය හා ශක්තිය
  • ගෑස් ප්‍රමිති
  • රසායනික ද්‍රව්‍ය

අංක ශෝධක සේවා පරිපාටිය

අපගේ අංක ශෝධක සහ පරීක්ෂණ සේවා මිල කැඳවුම් සඳහා කෙරෙන සියලු ඉල්ලීම් සිදු කළ යුත්තේ ඒ සඳහා වන ඉල්ලීම් අයදුම්පත්‍රය භාවිතා කරමිනි.

නිසි පරිදි සම්පූර්ණ කරන ලද ඉල්ලීම් අයදුම්පත්‍ර ජාතික මිනුම්විද්‍යා පර්යේෂණාගාරය හරහා ඉදිරිපත් කළ යුතුය.

  • +94 112 182 269
  • This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

මිල ගණන් කැදවීමේ ඉල්ලුම්පත්‍රය ඉදිරිපත් කිරීමෙන් පසුව, අදාළ මිලකරණ දැන්වීම් ඔබ වෙත ලැබෙනු ඇත. සේවාලාභියා එස මිල ගණන් පිළිගන්නේ නම් නිල රාජකාරි වේලාව තුළ අදාළ උපකරණ ජාතික මිනුම් පර්යේෂණාගාරයට ඉදිරිපත් කළ හැක.