small gov

නෛතික පසුබිම සහ නියාමන ක්‍රියකාරකම් යටතට ගැනෙන අංශ නෛතික මිනුම් විද්‍යාව ලෙස හඳුන්වනු ලබයි. ඒ අනුව එමගින් සෞඛ්‍යය, මහජන සුරක්ෂිතතාව, පරිසරය, බදුකරණය, පාරිභෝගිකයන් ආරක්ෂාව සහ සාධාරණ වෙළඳාම යන අංශ සැලැකිල්ලට ගෙන පනවනු ලබන නීති හා රෙගුලාසි නියාමනය කිරීම සිදු වේ.

නෛතික මිනුම් විද්‍යා විෂය ක්ෂෙත්‍රයට අදාළව මිනුම් ඒකක, ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබන කාර්යයන් අදාළ නීතිය සහ එහි රෙගුලාසි මින් පැහැදිළිව අර්ථ නිරූපණය කර ඇත.

ඒ අනුව පහත දැක්වෙන ක්ෂෙත්‍රයන්හි නෛතික මිනුම් පද්ධති නියාමනය කිරීමට දෙපාර්තමේන්තුවට බලතල ලබා දී තිබේ.

  • භාවිතයේ පවතින ප්‍රමිති සංසන්දනය සහ දිස්ත්‍රික් පදනමින් සත්‍යායන මධ්‍යස්ථාන පැවැත්වීම.
  • කිරුම් හා මිනුම් උපකරණ මුලින්ම සත්‍යායනය කිරීම සහ අනතුරුව අඛණ්ඩව පරීක්ෂා කිරීම
  • වෙළඳාමේදී භාවිතා කරනු ලබන කිරුම් සහ මිනුම් උපකරණ නිෂ්පාදකයන් සහ අළුත්වැඩියා කරන්නන් පරිපාලනය කිරීම.
  • නීතියේ දක්වා ඇති දණ්ඩන විධිවිධාන ක්‍රියාත්මක කිරීම මගින් පාරිභෝගික ආරක්ෂාව සැලසීම.
  • මිනුම් පද්ධතියේ නෛතිකභාවය පිළිබඳව පාරිභෝගිකයන් දැනුවත් කිරීම.
  • වෙළඳාමේදී සහ කර්මාන්ත අංශයන්හි භාවිතා කරනු ලබන කිරුම් හා මිනුම් උපකරණවල මාදිලි අනුමත කිරීම.
  • පෙර ඇසුරුම් භාණ්ඩ අධීක්ෂණය කිරීම හා පාලනය කිරිම.
  • මාර්ග ආරක්ෂාව, පරිසර ආරක්ෂාව හා සෞඛ්‍ය ක්ෂෙත්‍රයේ භාවිතා කරනු ලබන මිනුම් උපකරණ අනිවාර්යයෙන් අංක ශෝධනය කිරීම.