Supply Registration 2026
Supply Registration 2026
සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම - 2026
2026 වර්ෂය වෙනුවෙන් පහත සඳහන් භාණ්ඩ හා සේවා සැපයීම සඳහා බස්නාහිර පළාත තුළ නිෂ්පාදකයින්ගෙන්, කොන්ත්රාත්කරුවන්ගෙන් හා සැපයුම්කරුවන්ගෙන් මිනුම් ඒකක, ප්රමිති හා සේවා දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීමට 2025.12.31 දින දක්වා අයදුම්පත් කැඳවනු ලැබේ.
අදාල අයදුම්පත හා සියලු විස්තර මිනුම් ඒකක, ප්රමිති හා සේවා දෙපාර්තමේන්තුවේ මාහේනවත්ත, පිටිපන, හෝමාගම යන ස්ථානයේ ගිණුම් අංශයට පැමිණ හෝ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය (https://www.measurementsdept.gov.lk) හි Procurement (https://measurementsdept.gov.lk/index.php?option=com_content&view=category&layout=blog&id=19&lang=en&Itemid=231) වෙත පිවිසීමෙන් ලබා ගත හැකිය. අයදුම් කරනු ලබන එක් එක් කාණ්ඩයන් සඳහා එක් කාණ්ඩයකට රු.500 බැගින් වූ ආපසු නොගෙවන ගාස්තුවක් ගෙවිය යුතුය. එය දෙපාර්තමේන්තුවේ ගිණුම් අංශයේ සරප් කවුන්ටරය වෙත හෝ ලංකා බැංකුවේ ගිණුම් අංක 407320 හෝමාගම ශාඛාව සදහා බැර කළ හැකිය.
අයදුම්කරුවන් හට භාණ්ඩ / සේවා එකකට හෝ කිහිපයකට ඉල්ලුම්කල හැකි අතර, ඒවා අයදුම්පතෙහි ලබා දී ඇති අංක අනුව නිවැරදිව දැක්විය යුතුය.
එම අයදුම්පත් බහා එවන කවරයේ වම්පස ඉහළ කෙළවරේ “සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම - 2026” ලෙස සඳහන් කළ යුතුය.
Download Application



