ඔබේ කුසලතා වර්ධනය කරගැනීමට අවශ්‍ය ක්ෂෙත්රය අනුව ඔබට තෝරාගත හැකි ප්‍රායෝගික පාඨමාලා රැසක් අපි පවත්වන්නෙමු. අපගේ මිනුම් පුහුණු පාඨමාලාවන්ට සහභාගිවීම මගින් ඔබනේ වෘත්තීමය හැකියා සංවර්ධනය කර ගැනීමට හැකිවනු ඇත.
තම අංක ශෝධන වෘත්තීය ක්ෂෙත්රයන්හි ප්රමුඛ කාර්යභාරයක් ඉටුකිරීමට සහභාගිවන්නන්ට අතිශයන් වැදගත්වන්නා වූ මිනුම් පිළිබඳ මූලික දැනුම සහ උසස් කුසලතා පිළිබඳ වඩා හොඳ අවබෝධයක් ප්‍රතිලාභීන්ට ලබා ගත හැකිවන පරිදි දේශන සහ ප්‍රායෝගික අභ්‍යාස සහිතව තීව්ර තාක්ෂණික සැසි සඵලව සැලසුම් කර ඇත. එසේම, අංක ශෝධන, පරීක්ෂා කිරිම්, වෛද්‍ය සහ රසායනික විද්‍යාගාරවල සේවය කරන පුද්ගලයන් සඳහා ද මෙම පාඨමාලා යෝග්‍ය වේ. ගුණාත්මක මිනුම් සේවා අවශ්‍ය පුළුල් අංශ ගණනාවක් තුළ පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා වඩා හොඳින් සපුරාලීමට එමගින් ඔවුනට හැකියාව ලබා දෙනු ඇත.
ඔබගේ අවශ්‍යතා වෙනුවෙන්ම සකස් කරන ලද සේවාස්ථ පුහුණු සැපයීමට සහ ස්ථානීයව ඉදිරිපත් කිරීමට ද අපට හැකිය. අපගේ සම්පත් දායකයන්ගේ සේවය ලබා ගැනීමට ඇති හැකියාව මත වසරේ ඕනෑම අවස්ථාවකදී ඔබගේ ස්ථානීය පුහුණු අවශ්‍යතා සපුරාලිමට අපි කටයුතු කරන්නෙමු.
ව්‍යවහාරික, ප්‍රායෝගික පුහුණු වැඩමුළු සැබෑ විද්‍යාගාර තත්ත්වයන් ඉදිරිපත් කරන අතර ඔබගේ විද්‍යාගාරයේ නිරන්තර වැඩිදියුණුවීම් සහතික කිරිම පිණිස නව ශිල්පීය ක්‍රම සහ පරිපාටි සකස්කර ගන්නේ කෙසේදැයි නිරූපණය කරයි. ජාතික මිනුම් පර්යේෂණාගාරය ලෙස, අපගේ සම්පත් දායකයන් වෙනත් රටවල ජාතික මිනුම් විද්‍යා ආයතනවල අත්දැකීම් සහිත මිනුම් විද්‍යා විශේෂඥයන් වන අතර ඔබට ඔවුන්ගෙන් ඉගෙන ගැනීමේ අවස්ථාව හිමිවනු ඇත.
- පුහුණු ගාස්තුව : එක් අයෙකු සඳහා රු. 12000.00.
- පුහුණු ගාස්තුවට : පුහුණුව සඳහා අවශ්‍ය පොත් පත්, දිවා ආහාරය, තේ/කෝපි ආදිය ඇතුලත් වේ.
- ස්ථානය : හෝමාගම, පිටිපන මාහේනවත්ත පිහිටි මිනුම් ඒකක ප්‍රමිති සහ සේවා දෙපාර්තමේන්තුවේ ශ්‍රවණාගාරය.
ඔබට අවශ්‍ය කරන පුහුණුව ආරම්භවීමට යටත් පිරිසෙයින් සති දෙකකට පෙර පුහුණු ගාස්තුව ලැබීමට සැලැස්විය යුතුය. මුදල් හෝ චෙක්පත් මගින් ගෙවීම් සිදුකළ හැක. චෙක්පත් “අධ්යක්ෂ”, මිනුම් ඒකක ප්‍රමිති සහ සේවා දෙපාර්තමේන්තුව නමට ලිවිය යුතුය.
පුහුණු වැඩසටහන් දින දර්ශනය
පුහුණු පාඨමාලා
මිනුම් විද්‍යාවේ අවිනිශ්චිතතා ඇස්තමේන්තු (රසායනික සහ පරීක්ෂණ විද්‍යාගාර සඳහා)
|
- මිනුම් අවිනිශ්චිතතාව
- මූලික මූලධර්ම, අවිනිශ්චිතතා මූලධර්ම, මූලික ගණිතය
- අවිනිශ්චිතතා ඇස්තමේන්තුවල වෙනස් ප්‍රවේශ
- නිරූපණ ප්‍රවේශය, තනි විද්‍යාගාර වලංගුකරණය සහ තත්ත්ව පාලන ප්‍රවේශ
- අවිනිශ්චිතතා ඇස්තමේන්තු ශිල්පීය ක්‍රම
- පැතුරුම්පත් ක්‍රමවේදය, ක්රැග්ටන් ක්‍රමවේදය
- ප්‍රායෝගික උදාහරණ
පුහුණුකරු: එස්.ඩී.අයි. ඩයස් මහතා E-mail: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
|
පීඩන ආමාන අංක ශෝධනය (ද්‍රාව මාදිලි)
|
- අංක ශෝධන පරිපාටිය,
- අවිනිශ්චිතතා ගණනය කිරීම
- ප්‍රායෝගික උදාහරණ
පුහුණුකරු: ජේ.එස්.එම්. සිල්වා මිය
|
මාන මිනුම් විද්‍යාව
|
- දිග පිළිබඳ ප්‍රමිති හඳුන්වාදීම
- අංක ශෝධන පරිපාටිය
- මයික්රොමිටර සහ කැලිපර
- අවිනිශ්චිතතා ඇස්තමේන්තු
පුහුණුකරු: ඒ.ඩී.ඩී. නාමින්ද මයා E-mail: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
|
වීදුරු තුළ ද්‍රව උෂ්ණත්වමිතිය
|
- උෂ්ණත්වමිතිය පිළිබඳ හැඳින්වීම
- වීදුරු තුළ ද්‍රව උෂ්ණත්වමාන අංක ශෝධනය
- අවිනිශ්චිතතා ගණනය කිරිම
- ප්‍රායෝගික උදාහරණ
පුහුණුකරු: එස්. එන්. අකුරන්තිලක මයා E-mail: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
|
මිනුම්වල අවිනිශ්චිතතාව ඇගයීම සහ ප්‍රකාශ කිරිම (භෞතික මිනුම් සඳහා)
|
- මිනුම් අවිනිශ්චිතතා විශ්ලේෂණය සඳහා සංඛ්‍යාති.
- GUM අවිනිශ්චිතතා ඇගයීම් කෙරෙහි සම්ප්‍රදායික ප්‍රවේශය.
- උදාහරණ සහ සිද්ධි අධ්‍යයන.
පුහුණුකරු: එච්.එල්.අයි.එස්. සම්පත් මයා E-mail: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
|
ස්වයංක්‍රීය නොවන මිනුම් උපකරණ අංක ශෝධනය
|
- මූලික මූලධර්ම සහ මිනුම් විද්‍යාත්මක අවශ්‍යතා
- ඉලෙක්ට්‍රොනික තුලාවන්හි ක්‍රියාකාරිත්වය සහ මිනුම් පසුබිම
- යොදා ගත යුතු පරීක්ෂා කිරීම් සහ තුලා අංක ශෝධනය සදහා ප්‍රායෝගික අභ්‍යාස
- පරීක්ෂා කිරීම සහ අංක ශෝධනය සඳහා අවිනිශ්චිතතා ඇස්තමේන්තුව සහ තුලා අවිනිශ්චිතතාව
පුහුණුකරු: එච්.එල්.අයි.එස්. සම්පත් මයා E-mail: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
|
මිනුම් සහ උපකරණ සම්පාදනය
|
- පරිමා මිනුම් සහ පිස්ටන් මගින් ක්‍රියාත්මක පරිමා මිමි (මයික්‍රො පිපෙට්ටු) සඳහා මූලික මූලධර්ම සහ මිනුම් විද්‍යා අවශ්‍යතා
- පරිමා මිමි අංක ශෝධනය සඳහා අංක ශෝධන පරිපාටිය සහ ප්‍රායෝගික අභ්‍යාස
- අවිනිශ්චිතතා ඇස්තමේන්තුව
- පරීක්ෂා කිරිම් සඳහා පරිමා මිමිවල අවිනිශ්චිතතාව
පුහුණුකරු : ආර්.ජී.එස්.ඒ. පෙරේරා මයා E-mail: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
|
පඩි අංක ශෝධනය සහ අවිනිශ්චිතතා ගණනය කිරිම
|
- ස්කන්ධ සහ සම්ප්‍රදායික ස්කන්ධ.
- මිනුම් සඳහා ගණිතමය ආදර්ශනය
- OIML අවශ්‍යතා
- අංක ශෝධන පරිපාටිය සහ අවිනිශ්චිතතා ඇස්තමේන්තුව
පුහුණුකරු: එච්.එල්.අයි.එස්. සම්පත් මයා E-mail: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
|