small gov

පඩි, මිමි සහ කිරුම් හෝ මිනුම් උපකරණ සඳහා මාදිලි අනුමැතිය ලබාගැනීම

පඩි, මිමි සහ කිරුම් හෝ මිනුම් උපකරණ සඳහා මාදිලි අනුමැතිය

නෛතික මිනුම් විද්‍යා ජාත්‍යන්තර සංවිධානයේ (OIML) ප්‍රමිති ප්‍රකාරව නිෂ්පාදනය කරනු ලබන හෝ ආනයනය කරනු ලබන පඩි, මිමි සහ කිරුම් හෝ මිනුම් උපකරණ අනුමත කිරීමේ අධිකාරි බලය මිනුම් ඒකක, ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව සතුය.

කෙසේ වෙතත් මිනුම් ඒකක, ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව තෝරා ගෙන අදාළ කර ගනුයේ ශ්‍රි ලංකාවට යෝග්‍ය ඇතැම් OIML ප්‍රමිති පමණි.

යෝග්‍යතාවය

මෙම සේවාව ලබාගැනීමට අදහස් කරන නිෂ්පාදකයකු හෝ විකුණුම් කරුවකු පහත නිර්ණායක සපුරාලිය යුතුය.

  • අයදුම්කරුට අළුත්වැඩියා කිරීමේ බලපත්‍රයක් තිබිය යුතුය.
  • ආනයනික උපකරණයක් සම්බන්ධයෙන් වන විට, උපකරණය විකුණන සමාගම හෝ පුද්ගලයා නිෂ්පාදන සමාගමේ බලයලත් වෙළෙන්දෙකු ලෙස හඳුනාගනු ලැබිය යුතුය.

සටහන: අයදුම්කරුට අළුත්වැඩියා කිරීමේ බලපත්‍රයක් නොමැති නම්, මුද්‍රා තබන ලද මිනුම් උපකරණ අළුත්වැඩියාවට පෙර ඔහු/ඇය එම බලපත්‍රය ලබාගැනීමට මිනුම් ඒකක, ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුවට අයදුම් පත්‍රයක් ඉදිරිපත් කළ යුතුය.

මිනුම් උපකරණ අනුමත කිරීමේ පරිපාටිය

පරීක්ෂාකිරීමේ උපකරණවල නෛතික පාලනය සඳහා සාමාන්‍ය මිනුම් විද්‍යා සහ නෛතික අවශ්‍යතා

පහත දැක්වෙන පරිදි, මිනුම් උපකරණය නෛතිකව පාලනය සඳහා අවශ්‍ය කරනු ලබන ප්‍රධන ලක්ෂණ වන මාදිලි අනුමැතිය සඳහා වන මිනුම් උපකරණයේ මිනුම්වල මිනුම් ඒකක, ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව විසින් සිදු කළ මූලික සත්‍යාපනය සහ කලින් කල සිදුකළ සත්‍යාපනය අන්තර්ගත විය යුතුය.

  • මිනුම් කෙරෙහි තීරණාත්මකව බලපාන අභ්‍යන්තර කොටස්, පරිපථාවලිය සහ යාන්ත්‍රික කොටස් වෙත භෞතික ප්‍රවේශය සහ ඒවා භෞතිකව මුද්‍රා තැබිය හැකි බව.
  • අංක ශෝධනය සහ මිනුම් ප්‍රතිඵල වලට සිදුකරනු ලබන පරාමිතීන් වෙනස්කිරීම්, 1.1 අනුව මුද්‍රා තැබිය හැකි ඒකකය තුළ ඇති කෙටි භෞතික සන්නායකයක් හෝ ස්විචයක් මගින් සුරක්ෂිත කළ යුතු අතර මුද්‍රාව කැඩීමකින් තොරව ඒ වෙත ප්‍රවේශ වීමට නොහැකි හෝ අංක ශෝධක වාර්තා, අංක ශෝධක පරාමිතීන් වෙනස් කිරීම, අංක ශෝධක පරාමිතීන් වෙනස් කළ වාර සංඛ්‍යාව, ශ්‍රී ලංකාවේ සම්මත වේලාවෙන් අවුරුද්ද-මාසය- දිනය-පැය- විනාඩි-තත්පර ආකෘතිය පිළිබඳ වාර්තා ඇතුළුව මෘදුකාංග/ස්ථිරාංග වල යළි සකස් කළ නොහැකි සිදුවීම් ගණකයක් සහ සිදුවීම් ලොගයක් තිබිය යුතු අතර මුරපදයක් නොමැතිව කියවිය හැකි ගාස්තු අනුපාත, ශෝධක සාධක, නියත වැනි වෙනත් තීරණාත්මක පරාමිතීන් තිබිය යුතුය.
  • අවශ්‍ය කරනු ලබන පරාසයක් සහ නිරවද්‍යතාවයක් සඳහා යොමු කළ හැකි මිනුම් ප්‍රමිතිවලින් මිනුම් උපකරණ අංක ශෝධනය කිරිමට හැකිවිය යුතු අතර අංක ශෝධක පරාමිතීන් සහ අංක ශෝධක දින පරීක්ෂා කිරීම පිණිස මෙනුවක් හෝ දර්ශක තිබිය යුතුය. අංක ශෝධනය කල් ඉකුත් වුවහොත්, මිනුම් උපකරණය එහි මිනුම් කාර්යයට බාධා කරන අතර එහි තත්ත්වය පැහැදිළිව පෙන්නුම් කළ යුතුය.
  • වාර්ෂික අංක ශෝධක/සත්‍යායන තත්ත්වය තහවුරු කර ගැනීම පිණිස මාස තුනක කාල අන්තරයකින් යොමුකළ හැකි මිනුම් ප්‍රමිති සහිතව මිනුම් උපකරණවල අතරමැදි පරීක්ෂාවන් සිදුකළ යුතු අතර ඉහත කාර්යය සඳහා යොමුකළ හැකි මිනුම් ප්‍රමිති තිබිය යුතුය. නඩත්තු කටයුතු සිදුකිරීම සඳහා නිසි නඩත්තු කාලසටහනක් අනුගමනය කළ යුතු අතර තාක්ෂණික කාර්ය මණ්ඩලය, මෙවලම් හා ද්‍රව්‍ය තිබිය යුතුය. ඉහත සියලු විස්තර නිසි පරිදි ලේඛන ගතකිරීම කළ යුතුය.
  • අවසන් මිනුම් ප්‍රතිඵල සදහා ක්‍රියාකරුගේ මැදිහත්වීම වැදගත් වන විටදී උපකරණය ක්‍රියාත්මක කරන්නා හඳුනාගැනීමේ නිසි ක්‍රමවේදයක් තිබිය යුතු අතර (මුරපද, RF කාඩ්පත්, ඇඟිළි සලකුණු ආදි). අවසන් මිනුම් ප්‍රතිඵල සමග උපකරණයට අනන්‍ය වූ හඳුනා ගැනීම (කාණ්ඩ අංකය ආදී) සහ අංක ශෝධක/ සත්‍යායන දිනය ආදී තොරතුරු ලබා ගැනීමට හැකිවිය යුතුය.
  • මිනුම් ප්‍රමිතියක් සහිතව අංක ශෝධිත පරාමිතීන් සහ අනෙකුත් වැදගත් පරාමිතීන් (ගාස්තු අනුපාත, නිරවද්‍යකාරක සාධක, නියතය ආදී) සත්‍යායනය සදහා ක්‍රමවේදයක් තිබිය යුතු අතර ඉහත කාර්යයන් සඳහා පහසු විගණන මෙනුවක්/දර්ශක තිබිය යුතුය)
  • මිනුම් උපකරණයේ මෘදුකාංග සාමාන්‍ය මෙහෙයුම් පද්ධතියයකින් (OS) මෙහෙයවීමට හැකි නමුත් මිනුම් උපකරණය සඳහාම වෙන් වූ මෘදුකාංගය හරහා ගමන් නොකොට අනෙකුත් කර්තව්‍යයන් වෙත ප්‍රවේශවීමේ ක්‍රමවලට ඉඩ නොදිය යුතුය. මෘදුකාංගයට නෛතික පාලනය සඳහා වන සියලු ලක්ෂණ තිබිය යුතුය. මෘදුකාංගය හඳුනාගැනීම පිණිස එහි අනුවාද අංකය/ ප්‍රතිශෝධන අංකය තිබිය යුතුය. අනුමත මෘදුකාංගයට සිදුකරන කිසියම් වෙනස් කිරීමක් ප්‍රමාණවත් භෞතික/මෘදුකාංග ක්‍රම මගින් සීමාකරනු ලැබිය යුතුය.

අයදුම්පත්‍ර සහ අනුමත කිරුම් සහ මිනුම් උපකරණ ලැයිස්තුව

අනුමත කිරීමේ ක්‍රියාවලිය