small gov

කාල හා සංඛ්‍යාත විද්‍යාගාරය ශ්‍රී ලංකාවේ සම්මත වේලාව පවත්වා ගෙන යාම හා දැනුම්දීම සිදුකරනු ලබන අතර අංක ශෝධක සහ පරීක්ෂණ විද්‍යාගාර හා කර්මාන්තවලට කාලය, කාල අන්තරය සහ සංඛ්‍යාත පරාමිතීන් අදාළ සේවා සපයයි.

ප්‍රධාන කර්තව්‍ය

  • ශ්‍රී ලංකාවේ සම්මත වේලාව පවත්වා ගෙන යාම හා දැනුම්දීම (නියාමනය: ශ්‍රී ලංකා සම්මත වේලාව පිළිබඳ රෙගුලාසි 2011)
  • සංඛ්‍යාත සඳහා ජාතික ප්‍රමිතිය පවත්වා ගෙන යාම
  • අංක ශෝධක සේවා සැපයීම

පවත්වාගෙන යනු ලබන ප්‍රමිති

  • කාල සහ සංඛ්‍යාත ප්‍රමිති පද්ධතිය: ප්‍රාථමික සංඛ්‍යාත ප්‍රමිතිය, රුබිඩියම් පරමාණුක ප්‍රමිතිය, රුබිඩියම් දෝලකය සහිත කාල අන්තර ගණකය
  • දැනුම්දීමේ පද්ධතිය: GNSS ග්‍රාහකය, චෝක් රිං ඇන්ටෙනා
  • කාල සහ සංඛ්‍යාත අංක ශෝධන පද්ධතිය: සංඥා උත්පාදකය, ඩිජිටල් ගබඩා දෝලනේක්ෂය, මුහුර්තක සහ විරාම ඝටිකා අංක ශෝධනය

සපයනු ලබන අංක ශෝධක සේවා

  • කාලය (සමායෝජිත විශ්ව වේලාව සහ සම්මත ශ්‍රී ලංකා වේලාව)
  • කාල අන්තරය (නැනෝ තත්පර 100 සිට දින 10 දක්වා)
  • සංඛ්‍යාතය (මෙග හර්ට්ස් 1 සිට ගිගා හර්ට්ස් 1 දක්වා)

විශේෂ භාවිතාවන් සඳහා යොදාගනු ලබන විරාම ඝටිකා, මුහුර්තක, rpm මිටරය, කේන්ද්‍රාපසාරක, කෘත්‍ය උත්පාදක, දෝලනේක්ෂ, අනෙකුත් කාල ගණක, කාල අන්තර සහ සංඛ්‍යාත මිනුම් උපකරණ

Calibration Fee

Electrical, time and frequency related calibration services
Category  1 Analogue display  
Voltmeter AC or  DC up to 1000V 1500
Voltmeter AC or DC exceeding  1000V 2000
Ammeter AC or DC up to 12A 1500
Ammeter AC or DC exceeding 12A 2000
Ohmmeter up to 100MΩ 1500
Ohmmeter exceeding 100MΩ 2000
Category  2 Digital display  
Voltmeter AC or DC up to 1000V 2000
Voltmeter AC or DC exceeding  1000V 2500
Ammeter AC or  DC up to 12A 2000
Ammeter AC or DC exceeding 12A 2500
Ohmmeter up to 100MΩ 2000
Ohmmeter exceeding 100MΩ 2500
Multimeter 6.5 /Voltage AC/DC,  Current AC/DC, Resistance 7500
Multimeter 4.5 /Voltage AC/DC,  Current AC/DC, Resistance 5000
Category 3  
Resistor 2000
Time/ Stop watch 2000
Frequency/Tachometer 2000
Oscilloscopes  
For one channel 2000
Function Generator  
For one wave type 2000

නවතම සිදුවීම්